ඊශ්‍රායලයට සිරියාවෙන් රොකට් ප්‍රහාරයක්



සිරියාවෙන් තමන්ට රොකට් ප්‍රහාර එල්ල වුණු බවත්, ප්‍රතිප්‍රහාර එල්ල කරමින් උඩු ගුවනේදීම එම රොකට් විනාශ කිරීමට හැකිවුණු බවත් ඊශ්‍රායල හමුදාව කියයි.

රොකට් ප්‍රහාර එල්ල වී ඇත්තේ ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ ඇති ගෝලාන් කඳුකරයටය.

ඊශ්‍රායලය විසින් අත්පත් කර ගනු ලැබීමට පෙර, ගෝලාන් කඳුකරය සිරියාවේ කොටසක් විය. ඊශ්‍රායලය ගෝලාන් කඳුකරය අල්ලා ගත්තේ 1967 වසරේ පැවැති යුද්ධයේදීය.

ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS