ඊශ්‍රායලයට පැමිණෙන ජර්මන් විදෙස් ඇමැතිට කොන්දේසි



ඊශ්‍රායලයේ සංචාරයකට පැමිණීමට නියමිත ජර්මන් විදේශ ඇමැතිවරයාට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගෙන් කොන්දේසි එල්ල වී ඇත.

ජර්මන් විදේශ ඇමැති සිග්මාර් ගැබි්‍රයෙල් පවසා ඇත්තේ තමන් ඊශ්‍රායල සංචාරය අතරතුරේ පලස්තීන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ද හමුවී ඔවුන් සමඟ සාකච්ඡා පවත්වන බවය.

ඊශ්‍රායල අගමැති නෙදන්යාහුගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වී ඇති ඇත. විරෝධය පාමින් අගමැතිවරයා පවසා ඇත්තේ තමන් ජර්මන් විදේශ ඇමැතිට රටට ඇතුළුවීමට ඉඩ දෙන්නේ එම රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් හමුනොවන්නේ නම් පමණක් කියාය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS