ඊශ්‍රායලයට පහර දෙන්න ඉරානයට පුළුවන්



ඕනෑම අවස්ථාවක, ඊශ්‍රායලයට පහර දීමට ඉරානයට ශක්තියක් ඇති බව ලෙබනනයේ හිස්බුල්ලා නායක සයාද් හසාන් නසරැල්ලා පවසයි.

හිස්බුල්ලා නායකයා මේ බව කියා සිටියේ, අල් මනාර් පුවත් නාළිකාව ඔස්සේය. ඇමෙරිකාවට සහාය දක්වන ඊශ්‍රායලය පසුගිය දා ඉරානයට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, 2015 න්‍යෂ්ටික එකඟතාව උල්ලංඝනය කිරීමට ඉරානය කටයුතු කළ හෙයිනි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කියා සිටියේ, ඉරානයට පහර දෙන්න තමන්ට හැකියාව ඇති බවය. හිස්බුල්ලා නායක සයාද් හසාන් නසරැල්ලා ප්‍රතිචාර දක්වා ඇත්තේ ඊශ්‍රායලය අගමැතිවරයාගේ එම ප්‍රකාශයටය.

(අල් ජසීරා)


RECOMMEND POSTS