ඊශ්‍රායලයට ගොඩබැස්සුවේ නැහැලු



තම සමාගමට අයත් ගුවන්යානයක් ඊශ්‍රායලයේ බෙන්ගුරියන් ගුවන් තොටුපලට ගොඩබැස්සවා ඇති බවට ගෙන යන ප්‍රචාරයන් වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව සෞදි ඇරේබියන් ගුවන් සමාගම ප්‍රකාශ කළේය.

අන්තර්ජාලයේ පළ වී ඇති ඡායාරූප මෘදුකාංගයක් භාවිතා කර නිර්මාණය කර ඇති බව එම ගුවන් සමාගමේ නිල මාධ්‍ය ප්‍රකාශක, අබ්දුල්ර්මාන් අල්-ටේයබ් ප්‍රකාශ කළ බවSabq වෙබ් පුවත්පත වාර්තා කළේය.

විවිධ සමාජ ජාල භාවිතා කරමින් සෞදි ගුවන් සේවය අපකීර්තියට පත්කිරීම සඳහා කිසියම් පිරිසක් කටයුතු කරමින් සිටින බවත් එම වැරදි ප්‍රකාශයන් අතිශයෝක්තියෙන් යුත්තව ප්‍රකාශ කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS