ඊශ්‍රායලයට එරෙහිව පියවර ගන්නවා



තම රටේ ස්වෛරීත්වයට එරෙහිව ඊශ්‍රායල හමුදා ක්‍රියා කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව දැඩි හමුදාමය ක්‍රියා මාර්ගයක් ගැනීමට තමන් පසුබට නොවන බව ලෙබනන් ජනාධිපති මිචෙල් එයුන් පවසා ඇත.

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර ඉඩම් සහ ජලය සම්බන්ධයෙන් අර්බුදයක් පවතී. එම අර්බුදය පසුගිය දෙසැම්බරයේ පටන් උත්සන්න විය. ඒ, මධ්‍යධරණී කලාපයේ ඇති තෙල් නිධි මුල්කොට ගනිමිනි.

ඊශ්‍රායලයට ලෙබනනයට අයිති පළාත් බලෙන් අත්පත් කර ගැනීමට කටයුතු කරනවා යැයි ලෙබනන් රජය චෝදනා කරයි. ඊශ්‍රායල හමුදාවට එරෙහිව පියවර ගැනීමට පසුබට නොවන බව ජනපතිවරයා පවසා ඇත්තේ ඒ අනුවය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS