ඊශ්‍රායලයට එරෙහිව පලස්තීනුවෝ වීදි බසිති



තම ඉඩම් බලෙන් අත්පත් කරගෙන ඒවායේ නීති විරෝධී ආකාරයට නිවාස ඉදි කරනවා යැයි චෝදනා කරමින්, බටහිර ඉවුරේ පලස්තීනුවෝ ඊශ්‍රායලට එරෙහිව විරෝධාවකට එක් වූහ.

එම විරෝධතා රැළියට බිලින් සහ නිලින් යන ගම්මානවල පලස්තීන වැසියන් පමණක් නොව, බටහිර ඉවුරේ ප්‍රධාන නගරයක් වන නබ්ලුස් නගරයේ ද වැසියෝ එක් වී සිටියාහ.

රැලියට එක්වුණු පලස්තීන විරෝධතාකරුවන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් සමඟ ගැටුණු බවත් පලස්තීනුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනුනු බවත් පසුව වාර්තා විය.

 

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS