ඊශ්‍රායලය සෞදිය ට්‍රම්ප්ට සුබ පතයි



ඉරානය සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ සෞදිය ට්‍රම්ප්ට ප්‍රසංශා කර ඇතැයි ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

ඇමෙරිකාව ලෝක බලවතුන් ද සමඟ එක් වී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කරගෙන තිබේ. එම එකඟතාව ඇති කර ගැණුනේ 2015 දී, ඔබාමා ඇමෙරිකා ජනපති ධුරය හොබවද්දීය.

වත්මන් ජනපති ට්‍රම්ප් එම එකඟතාවෙන් ඉවත් වෙන්න සූදානම් වෙයි. ඒ, ඉරානය ගල්ෆ් කලාපයේ ත්‍රස්තවාදය පතුරුවනවා යැයි චෝදනා කරමිනි. ඊශ්‍රායලයත්, සෞදියත් ඉරාන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඔහු නව එකඟතාවක් ඇති කර ගැනීමට සැලැසුම් කර ඇති බවය. කෙසේ නමුත් ඇමෙරිකාව ඉරානය සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම උල්ලංඝනය කළොත් එය යුද්ධයකින් අවසන් විය හැකි යැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS