ඊශ්‍රායලය සමඟ මිතුරු වෙන්න



යුදෙව් ඊශ්‍රායලය සමග මිතුරු වී, රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඇති කර ගන්නැයි ඇමෙරිකා රජය වෙනුවෙන්, එරට රාජ්‍ය ගේකම් මයික් පොම්පේඕ, සෞදි අරාබියෙන් ඉල්ලීමක් කළේය.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ මෙම ඉල්ලීම කළේ වොෂින්ටන් අගනුවරට පැමිණි සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් හමුවෙමිනි.

මේ වනවිටත් ගල්ෆ් අරාබි රාජ්‍යයන් දෙකක් වන බහරේනය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ඇමෙරිකාවේ මැදිහත්වීමෙන්, ඊශ්‍රායලය සමග යහපත් සබදතා ආරම්භ කර තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය උත්සහ ගනිමින් සිටින්නේ, ඊශ්‍රායල පලස්තීන අර්බුදය හෙවත්, මැදපෙරදිග අර්බුදයට විසදුමක් ලබා දීමටය. ට්‍රම්ප් පරිපාලනය එසේ කිරීමට සැරැසෙන්නේ, ගල්ෆ් අරාබි රටවල සහාය ඇතිවය. ඊශ්‍රායලය සමග ගල්ෆ් අරාබි රටවල් මිතුරු කිරීමට ට්‍රම්ප් පරිපාලනය උත්සාහ ගන්නේ ඒ අනුවය.

සෞදිය දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසදිය හැකි එකම මග ද්වී රාජ්‍ය සංකල්පය කියාය. ගල්ෆ් අරාබි රටවල් එකිනෙක ඊශ්‍රායලය සමග මිතුරු කිරීමට ඇමෙරිකාව ගෙන යන වැඩපිළිවෙළට පලස්තීන පාලන අධිකාරියෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

පලස්තීන අග්‍රාමාත්‍යවරයා පසුගිය දා වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුරෝපා පාර්ලිමේන්තුව ඇමැතූ අවස්ථාවේදී කියා සිටියේ, එලැබෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් යළි ඇමෙරිකාවේ ජනාධිපති වුවහොත් පලස්තීනුවන්ට දෙවියන්ගේම පිහිටයි කියාය.

රියද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS