ඊශ්‍රායලය මිතුරු කරගැනීම විසඳුම නොවේ



විදේශ අමත්‍යාංශ ප්‍රකාශිකා ලොල්වා අල් කාහ්ටාර්

අරාබි ගල්ෆ් කලාපීය රටවල් ඊශ්‍රායල සමඟ මිතුරුවීම, ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග අර්බුදයට විසඳුමක් නොවන බවත්, පලස්තීන මුස්ලිම් වැසියන්ට එමගින් සාධාරණයක් ඉටු නොවනු ඇති බවත් කටාරය පෙන්වා දෙයි.

කටාර් විදේශ අමත්‍යාංශය වෙනුවෙන් මෙසේ පෙන්වා දුන්නේ, විදේශ අමත්‍යාංශ ප්‍රකාශිකා ලොල්වා අල් කාහ්ටාර්ට ය. ඒ, ඇමෙරිකාවේ බ්ලූම්බර්ග් පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

අරාබි ගල්ෆ් මුස්ලිම් රටවල් සහ යුදෙව් ඊශ්‍රායලය අතර අර්බුදයක් පවතින්නේ ඊශ්‍රායල පලස්තීන අර්බුදය මුල්කොට ගනිමිනි. කෙසේ නමුත් මේ වනවිට බහරේනයත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයක් ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තන්ත්‍රික සබඳහා ආරම්භ කර තිබේ.

ඒ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙනි. ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් උත්සාහ ගන්නේ, ඊශ්‍රායලය සහ සෙසු ගල්ෆ් අරාබි රටවල් මිතුරු කරමින්, ඒ හරහා ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ස්ථිර විසඳුමක් ලබා දීමටය.

දෝහාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS