ඊශ්‍රායලය පිළිගන්නේ නෑ



පලස්තීනුවන්ට සිදුවන අසාධාරණය සැලකිල්ලට ගනිමින්, ඊශ්‍රායලය පිළිනොගන්නා බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා, සිය රජයේත්, පාකිස්තානයේත් ස්ථාවරය මෙසේ කියා සිටියේ, පාකිස්තානයේ දුන්යා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙසේ කියා සිටියේ, ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිර්මාණය සම්බන්ධයෙනි.

‘පලස්තීනුවන් වෙනුවෙන් වෙනම පාලනය ප්‍රදේශයක් පිහිටුවා ඔවුන්ට සාධාරණයක් ඉටුවනතුරු පාකිස්තානය කිසිම අවස්ථාවක ඊශ්‍රායලය පිළි ගන්නේ නැහැ. එයයි අපේ ස්ථාවරය’ යැයි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එහිදී අවධාරණය කළේය.

මුස්ලිම් පලස්තීනුවන්ට එල්ල වන කෙණෙහිලිකම් මුල්කොට ගනිමින්, අරාබි සහ මැදපෙරදිග රටවල් ඊශ්‍රායලය පිළිනොගන්නා අතර, ඊශ්‍රායලව සමඟ සබඳතා පවත්වන්නේ ද නැත.

පලස්තීනුවන් වෙනුවෙන් හඬ නැගීම සම්බන්ධයෙන්, ඉස්ලාමාබාද් අගනුවර පලස්තීන තානාපති කාර්යාලය පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට සතුට පළ කර ඇති බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කළේය.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS