ඊශ්‍රායලය කලින් දැනගෙන සිටියා



ඉරාන කුද්ස් බළඇණියේ නායක මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් ඝාතනය කරන බව, ඇමෙරිකාව කල් තියා තමන්ට දන්වා තිබූ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

ඇමෙරිකා ජනපති ඩොන්ල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි, මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් ඝාතන සැලැස්ම පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් ඊශ්‍රායල අගමැති නෙදන්යාහුට කළේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ය.

ඊශ්‍රායල අගමැති නෙදන්යාහුට ප්‍රහාරය ගැන කල් තියා දැන සිටියත්, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රහාරය ගැන දැනගත්තේ ප්‍රහාරය සිදුවීමෙන් පසුව යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. බ්‍රිතාන්‍යය පමණක් නොව, ඇමෙරිකාවේ සෙසු බටහිර හිතවාදීන් පවා ප්‍රහාරය ගැන දැනගත්තේ ප්‍රහාරය සිදුවීමෙන් පසුවය.

(බී.බී.සී.)


RECOMMEND POSTS