ඊශ්‍රායලය එක්ක සබදතා නවත්වන්න



ඊශ්‍රායලය සමඟ පවත්වන සියලු සම්බන්ධකම් නවත්වා දැමිය යුතු බවත් දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලය වසා දැමිය යුතු බවත් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය තුරන් කළ අසහාය නායක නෙල්සන් මැන්ඩෙලාගේ මුණුපුරු මන්ඩ්ලා මැන්ඩෙලා කියයි.

මන්ඩ්ලා මැන්ඩෙලා දකුණු කොරියා පාර්ලිමේන්තු සාමාජිකයකු ද වෙයි. ටෙල් අවීව් පාලනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සහ ව්‍යාපාර සබදතා නවතා දැමිය යුතු යැයි මන්ඩ්ලා මැන්ඩෙලා යෝජනා කර ඇත්තේ ඊශ්‍රායලය පලස්තීනුවන්ට දිගින් දිගටම සිදු කරන කෙණෙහෙළිකම් අසාධාරණ යැයි පෙන්වා දෙමිණි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS