ඊශ්‍රායලය ඇමෙරිකාව ගැන ඔත්තු බලලා



ඊශ්‍රායලය ඇමෙරිකාව ගැන ඔත්තු බැලුවේ යැයි පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත.

පසුගිය කාලයේ ධවල මන්දිරයේ සඟවා තිබුණු හඬ පටිගත කිරීමේ උපාංග හමුවිය. ධවල මන්දිරයට සම්බන්ධ වී සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු පවසා ඇත්තේ මෙම උපාංග ඔත්තු බැලීම සඳහා ඊශ්‍රායලය විසින් රහසේ සඟවා තබන්න ඇති බවය.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළ අවස්ථාවේදී ට්‍රම්ප් ද කියා සිටියේ ඊශ්‍රායල අගමැතිවරයා එවැනි දෙයක් කළා යැයි තමන් විශ්වාස නොකරන බවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS