ඊශ්‍රායල හිටපු අගමැති ඕල්මාට් නිදහස්



දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, බන්ධනාගාරගතව සිටි ඊශ්‍රායලයේ හිටපු අගමැති එහුද් ඕල්මාට් විශේෂ සමාවක් යටතේ නිදහස ලැබූ බව ඊශ්‍රායල පුවත් සේවා වාර්තා කරයි.

71 හැවිරිදි වියෙහි පසුවන ඕලාමාට් ඊ්‍රශායලයේ අගමැති ධුරය හෙබවූයේ 2006 වසරේ සිට 2009 තෙක් කාලයේය. අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, ඔහුට සිරදඬුවම් නියම කෙරුණේ පසුගිය 2016 වසරේදීය.

අල්ලස් චෝදනා එල්ල වෙද්දී, ඕලාමාට් ඊශ්‍රායල අගමැති ලෙස කටයුතු කරමින් සිටි අතර ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය. 2016 වසරේ වරදකරු වීමෙන් පසු හිටපු අගමැතිවරයා මාස 27 ක් බන්ධනාගාරගතව සිටි බව ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS