ඊශ්‍රායල හමුදාව පලස්තීන විරෝධතා රැළියකට වෙඩි තියලා





පලස්තීන විරෝධතා රැලියකට එක් වුණු පිරිස් විසුරුවා හැරීමට එම පිරිසට වෙඩි තැබීමට ඊශ්‍රයල හමුදා කටයුතු කළේය. එම වෙඩි ප්‍රහාරයෙන් පලස්තීනුවෝ 20 දෙනෙක් තුවාල ලැබූහ.
මෙම විරෝධතා රැලිය පැවැත් වුණේ රාමල්ලා නුවර යැයි ද පැවැසෙයි. වෙඩි ප්‍රාරයට ලක් වුණු කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද විදෙස් පුවත් සේවා වාර්කා කරයි.
විරෝධතාව පැවැත් වූයේ ඊශ්‍රායල හමුදා විසින් මීට වසරකට පෙර 13 හැවිරිදි පලස්තීන ගැටවරයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සිහිකරමිනි.


 


RECOMMEND POSTS