ඊශ්‍රායල හමුදා වෙඩි තැබීමෙන් කාන්තාවක් අන්ධ වෙලා



නැගෙනහිර ජෙරුසලම අල්-කුඩ් හිදි පැවති පලස්තීනුවන්ගේ විරෝධතාවයක් අතරතුරදී විරෝධතාකරුවන් පලවා හැරීම සදහා ඊශ්‍රායිල් හමුදාවන් පියවර ගත්තේය.

විරෝධතාකරුවන් පාලනය කිරීම සදහා ඊශ්‍රායිල් හමුදාවන් රබර් උණ්ඩ යොදාගත් අතර එල්ල කරන ලද රබර් උණ්ඩයක් පනස් දෙහැවිරිදි, ෆාතිමා මහමුද් ඔබේඩ් නම් පලස්තීන කාන්තාවගේ හිස ප්‍රදේශයට වැදී ඇති බව ප්‍රදේශීය නිලධාරියකු ප්‍රෙස්ටීවි වෙත ප්‍රකාශ කර ඇත.

“බිරිඳයි දුවයි බෑනයි එක්ක බැල්කනි එකේ වාඩි වෙලා හිටියේ, ටික වේලාවකින් මට කෑගහනවා ඇහුනා. ගිහින් බලද්දි බිරිඳ තුවාල වෙලා’’. ෆාතිමා මහමුද්ගේ සැමියා ප්‍රකාශ ක‍ළේය. 

වෙඩි වැදීමෙන් අනතුරුව ඇය ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත. 

ඇගේ වම් අසේ පෙනීම නැවත ලබා ගැනීමට නොහැකි බවත් වෙඩි වැදීම නිසා හිස්කබලට සිදුවී ඇති හානි හේතුවෙන් ශල්‍යකර්මයක් සිදුකල යුතු බව වෛද්‍යවරුන් දන්වා ඇත.  

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ප්‍රෙස්ටීවි පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS