ඊශ්‍රායල හමුදා ප්‍රහාරයෙන් පලස්තීනුවෝ 4 ක් මරුට



බටහිර ඉවුරේ කළ වැටලීමක් අතරතුරේ, ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් පලස්තීනුවෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ඊශ්‍රයල හමුදාව පවසා ඇත්තේ සොල්දාදුවන් සහ හමාස් සටන්කාමීන් අතරේ දරුණු ගැටුම් පැවැති බවය.

වෙඩි හුවමාරුව සිදුවූයේ බටහිර ඉවුරේ ජෙනිං නමැති නගරයේය.

ඊශ්‍රායල හමුදා එම වැටලීම සිදු කර ඇත්තේ බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු අනුව බවත්‍, මීට පෙර අවස්ථා කීපයකදී ද ජෙනිං නගරය කේන්ද්‍රකොට ගනිමින් හමාස් සටන්කාමීන් සොයා වැටලීම් සිදුවුණු බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් පවසා තිබේ.

(බීබීසී)


RECOMMEND POSTS