ඊශ්‍රායල-සෞදි දුම්රිය සේවයක්



සෞදිය සහ ඊශ්‍රායලය අතර මගී දුම්රිය සේවයක් ආරම්භ කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

ඊශ්‍රායල අගමැතිවරයා මාධ්‍ය හමුවේ මෙසේ පවසා සිටියේ, එරට ප්‍රවාහන ඇමැති යිස්රායෙල් කාට්ස් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් ද පසුවය.

ඊශ්‍රායලයේ සිට ජෝර්දානයේ හෆීෆා වරාය නගරය හරහා සෞදියට සම්බන්ධ කෙරෙන දුම්රිය මාර්ගයක් ඔස්සේ දුම්රිය සේවය ආරම්භ කිරීමට නියමිත බව ද පැවැසෙයි.

ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතර මේ වනවිට යහපත් සබඳතා නිර්මාණය වෙමින් පවතී. ඒ, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ඊශ්‍රායල රජය සමඟ මිතුදම් ආරම්භ කිරීමත් සමඟය.

(රොයිටර්)


RECOMMEND POSTS