ඊශ්‍රායල වෙඩි පහරින් මරුට



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසිලම ඊශ්‍රායලයේ අගනුවර වශයෙන් පිළිගන්නා බවට කළ ප්‍රකාශයට විරෝධතාවය දැක් වු පලස්තීන ක්‍රියාකාරිකයෙකු වු ඒබ්‍රාහිම් අබු තුරායා ඊශ්‍රායල හමුදාව එල්ල කළ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඊශ්‍රායල ගුවන් හමුදාවදෙසැම්බර් 15 දින එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් 29 හැවිරිදි ඒබ්‍රාහිම් අබු තුරායාගේ පාද දෙක අහිමි විය.

පලස්තීනය රැකගැනීම වෙනුවෙන් රෝද පුටුවකින් පැමිණ නිරායුදව විරෝධතාවයන් දක්වමින් සිටින අතරතුර වෙඩි ප්‍රහාරයට ලක්වී ඇති අතර ආරක්ෂක අංශ සිරුර පසුව සොයාගෙන ඇති බව වාර්තා වේ.

විරෝධතාකරුවන් පාලනය කිරීමට වෙඩිතැබීමට සිදු වු බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළ බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS