ඊශ්‍රායල වැසියන් 3 ක් මරලා



බටහිර ඉවුරේ පලස්තීන තුවක්කුකරුවකු ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් කළ වෙඩි තැබීමකින් ඊශ්‍රායල වැසියෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

37 හැවිරිදි එම තුවක්කුකරු අසල්වැසි ගම්මානයක පදිංචි අයකු බව පැවැසෙයි. ඊශ්‍රායල හමුදා වහා ක්‍රියාත්මක වී කළ වෙඩි තැබීමකින් තුවක්කුකරු මියගිය බව ද පැවැසෙයි.

වෙඩි තැබීම සිදු වී ඇත්තේ බටහිර ඉවුරට පිවිසුම් මාර්ගයක් වන ‘හාර් අදාර්’ අසලදී යැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS