ඊශ්‍රායල මහ මැතිවරණය ඇරැඹේ



ඊශ්‍රායල මහ මැතිවරණය පැවැත්විණි. වසර දෙකක් ඇතුළත ඊශ්‍රායලයේ පැවැත්වෙන සිවුවැනි මහ මැතිවරණය මෙයයි.

දූෂණ චෝදනා එල්ල වී නඩු විභාගයකට ද මුහුණ දෙන අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ ජනප්‍රියත්වය උරගා බැලීම මෙම මහ මැතිවරණයේ අරමුණ යැයි ඊශ්‍රායල දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 6.5 ක පිරිසක් ලියාපදිංචි වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණි.

පසුගිය වසර දෙක තුළ ඊශ්‍රායලයේ මැතිවරණ 3 ක් පැවැත්වුණු නමුත් නෙදන්යාහුගේ ‘ලිකුද්’ පක්ෂය සහ ඊට සහාය දක්වන පක්ෂවලට පක්ෂයට නෙසට් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) ආසන 120 න් බහුතරය දිනා ගැනීමට නොහැකි විය.

ඒ අනුව, සන්ධාන රජයයන් පිහිටුවීම සිදුවුවත් සාර්ථක නොවිණි. යළිත් වරක් සිවුවැනි වරටත් මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ එහෙයිනි.

අද වනවිට ලොව ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේදී ප්‍රමුඛස්ථානයේ පසුවන්නේ ඊශ්‍රායලයයි. අග්‍රාමාත්‍ය නෙදන්යාහු මැදිහත් වී, එරට වැසියන්ගෙන් සියයකට 90 කට වැඩි පිරිසකට කෙරෝනා එන්නත් ලබාදීමට පියවර ගෙන තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS