ඊශ්‍රායල බහරේන් විදෙස් ඇමැති හමුවක් ඇමෙරිකාවේ



ඇමෙරිකන් සංචාරයක් අතරතුරේ, ඊශ්‍රායල විදේශ ඇමැති ඉස්රායෙල් කාට්ස් සහ බහරේන් විදේශ ඇමති ෂෙයික් කලීඞ් බින් අහ්මද් අල් කලීෆා අතර හමුවක් පැවැත්විණි.

හමුව පැවැත්වූයේ වොෂින්ටන් අගනුවරදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නියෝජිතයන් මැදිහත් වීමෙනි. ඊශ්‍රායලයත් බහරේනයත් අතර අර්බුදයක් පවතී. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැත.

ඊශ්‍රායලය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන්නේ අරාබි රටවල් දෙකක් සමඟ පමණි. ඒ, ඊජිප්තුව සහ ජෝර්දානයයි. ඊශ්‍රායල අගමැති නෙදන්යාහුගේ අරමුණ වී ඇත්තේ ඉරානය හැර සෙසු ගල්ෆ් රටවල් සමඟ යහපත් සබඳතා පැවැත්වීමය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS