ඊශ්‍රායල බලධාරීන් පලස්තීන ගම්මානයකට වතුර සීමා කරලා



 

බටහිර ඉවුරේ ඊශ්‍රායලය විසින් පාලනය කරනු ලබන කෆාර් අද් දීක් නමැති කුඩා පලස්තීන ගම්මානයට සතියකට පැය දෙකකට පමණක් ජලය සපයන බවත්, ඊශ්‍රායල බලධාරීන්ගේ මෙම ක්‍රියා කාලාපය හේතුවෙන් එම ගම්මානයේ වැසියන් මහත් සේ පීඩාවට පත් වී සිටින බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

වතුර ලබා දීම සීමා කර ඇත්තේ පලස්තීන විරෝධයක් නිසා නොවන බවත්, ජල හිඟයකට මුහුණ පා සිටින නිසා බවත් ඊශ්‍රායල බලධාරීහු පවසති. කෆාර් අල් දීක් ගම්වැසියන් මෙසේ පීඩාවට පත් වී සිටින්නේ පසුගිය ජූනි මාසයේ සිටය.

 

(අල් ජසීරා ඇසුරිනි)


RECOMMEND POSTS