ඊශ්‍රායල පාර්ලිමේන්තුව දිවුරුම් දෙයි



ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් ක්නෙසට් සභාව දිවුරුම් දුන්නේය.

ඊශ්‍රායලයේ මහ මැතිවරණය පැවැත්වූයේ මීට සති තුනකට පෙරය. එයින් බහුතර බලයක් දිනා ගැනීමට අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඔහුගේ පාලක පක්ෂයට නොහැකි විය.

කෙසේ නමුත් තවත් පක්ෂ කීපයක් සමඟ සන්ධානගත වෙමින්, රජයක් හිටුවීමට හැකි බව අගමැතිවරයා දැනුම් දුන් අවස්ථාවේදී, ඊශ්‍රායල ජනාධිපති රොවෙන් රිවුලින්ගේ අනුමැතිය ඊට හිමි විය.

ඒ අනුව, 21 වැනි ක්නෙසට් සභාව පිහිටුවූ අතර, එහි නියෝජිතයන් 120 දෙනාගේ දිවුරුම්දීම සිදුවුණු බව ඊශ්‍රායල පුවත් සේවා වාර්තා කරයි.

ටෙල් අවීව්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS