ඊශ්‍රායල ප්‍රහාරක යානයක් කඩා වැටේ



සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතියකින් එල්ල වුණු ප්‍රහාරයකට ලක් වීමෙන් ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් ඊයේ (10) කඩා වැටුණි.

සිරියානු සිවිල් යුද්ධයට ඉරානය සම්බන්ධ වී සිටී. ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා සිරියානු ගුවන් සීමාවට පිවිස ඇත්තේ, ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමටය.

2011 වසරේ සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වුණු දා සිට ඊශ්‍රායලය සහ ඉරානය අතර ද ඇයිහොඳයිකම් තව තවත් පළුඳු විය. මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදය පතුරුවන්නේ ඉරානය යැයි ඊශ්‍රායලය තරයෝ චෝදනා කරයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS