ඊශ්‍රායල පලස්තීන දරුණු ගැටුම්



ජෙරුසිලමේ පැරැණි නගරයේ ආරක්ෂාව තර කිරීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට එරෙහි වෙමින්, පලස්තීන වැසියන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් ඇවිළිණි.

එම ගැටුම් හේතුවෙන් පලස්තීනුවෝ අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පිහි ඇනුමක් හේතුවෙන් තුවාල ලැබූ ඊශ්‍රායල වැසියන් තිදෙනකු ද ජීවිතක්ෂයට පත්වුණැයි පසුව වාර්තා විය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර ගණනාවකට පසු හටගත් ප්‍රචණ්ඩකාරී ඊශ්‍රායල පලස්තීන ගැටුම මෙය කියාය.
ප්‍රචණ්ඩකාරීව  හැසිරුණු පලස්තීනුවන් කිහිප දෙනකු ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ. ප්‍රචණ්ඩකාරීන් විසුරුවා හැරීමට පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්න සිදුවිය.

ගැටුමට මුල් වූයේ අක්සා නමැති පල්ලියේ ආරක්ෂාව තර කිරීමට ඊශ්‍රායල බලධාරීන් පියවර ගැනීමත් සමඟය. එය පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස්ගේ ද දැඩි විරෝධයට හේතුවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS