ඊශ්‍රායල පලස්තීන අර්බුදය ගැන ජෝර්දාන රජතුමා කතා කරයි



 
ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇති එකම විසඳුම රාජ්‍ය දෙකක විසඳුමක් යැයි ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු අවධාරණය කරයි. ඉකුත් දා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා පැවැති සාකච්ඡාවලදී ජෝර්දානයේ අබ්දුල්ලා රජු එම කරුණු සඳහන් කළේය.
 
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස හඳුනාගැනීම කලාපය තුළ සාමය ඇති කිරීමට තිබෙන එකම මග යැයි ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු උපුටා දක්වමින් ජෝර්දාන් ටයිම්ස් පුවත්පත් වැඩිදුරටත් වාර්තා කළේය. ජාත්‍යන්තර ගැටලු, ත්‍රස්තවාදය, මැද පෙදරගි සාම ක්‍රියාවලිය සහ කලාපයේ පවතින අර්බුදය ආදිය පිළිබඳව ද ඇමෙරිකා ජෝර්දාන රාජ්‍ය නායකයන් එහිදි සාකච්ඡා පැවැත්වූහ. 

හර්ෂණ තුෂාර සිල්වා
ජෝර්දානයේ අම්මාන් නුවර සිට


RECOMMEND POSTS