ඊශ්‍රායල දේශපාලනඥයන් හමුවුණැයි වැඩ වරදී



රජයට නොදන්වා නිල නොවන මට්ටමින් ඊශ්‍රායල දේශපාලනඥයන් පිරිසක් හමුවී සාකච්ඡා පැවැත් වූ බවට චෝදනා ලැබූ එක්සත් රාජධානියේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරිය ප්‍රීති පටෙල් ට ඇගේ ධුරය අහිමිවීමේ අවදානමක් හටගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

රජයට හෝ අගමැතිනී තෙරේසා මේට නොදන්වා තමා ඊශ්‍රායල රජයේ දේශපාලනඥයන් හමුවුණු බව ඉන්දීය සම්භවයක් සහිත එක්සත් රාජධානියේ පුරවැසියකු ද වන ප්‍රීති පටෙල් පිළිගෙන ඇති අතර, ඒ වෙනුවෙන් ඇය අගමැතිනියගෙන් සහ රජයෙන් සමාව ඉල්ලීමක් ද කර තිබේ.

ප්‍රීති පටෙල් මෙසේ ඊශ්‍රායල දේශපාලනඥයන් හමුවී ඇතැයි පැවැසෙන්නේ පසුගිය අගෝස්තු මාසයේදීය. ඇය එම හමුවේදී සාකච්ඡා කළේ කුමක්දැයි යන්න විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් ප්‍රශ්න කරනු ලැබ ඇතැයි ද විදෙස් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කරයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS