ඊශ්‍රායල තානාපති කාර්යාලයට ආරක්ෂාව



ජෝර්දානයේ අම්මාන් අගනුවර පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලයට 24 වැනිදා එල්ල වුණු ප්‍රහාරයෙන් පස තානාපති කාර්යාලයේ ආරක්ෂාව තර කර ඇති බවත් හමුදාව යොදවා ඇති බවත් වාර්තා වේ.

එම ප්‍රහාරයෙන් ජෝර්දාන ජාතිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් කළේය. මියගියේ එම තානාපති කාර්යාලයට ලී භාණ්ඩ රැගෙන ආ එරට වැසියන් දෙදෙනෙකි.

එම අවස්ථාවේ තානාපති කාර්යාලය අවට ප්‍රදේශය වසා දැමීමට ද ආරක්ෂක අංශ කටයුතු කළේය.

ඊශ්‍රායල තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ අම්මාන් අගනුවර ධනවතුන් බහුලව වෙසෙන රබියේ ප්‍රදේශයේය.

ජෙරුසෙලමේ මුස්ලිම් සහ යුදෙවු ජනතාවගේ පුද බිමක ආරක්ෂාව තර කරමින් ලෝහ හඳුනාගැනීමේ අනාවරක යෙදවීම පිළිබඳව හටගත් අර්බුදය මුල්කොට ගනිමින් තානාපති කාර්යාලයට පහර දීම සිදුවන්න ඇතැයි සැක කෙරේ.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS