ඊශ්‍රායල ඩ්‍රෝන යානා ලෙබනනයට ඇවිල්ලා



ඊශ්‍රායලයට අයත් ඩ්‍රෝන යානා දෙකක් බීරූට් අගනුවර දකුනු දෙසින් පිහිටි හිස්බුල්ලා බල ප්‍රදේශයට ඉහළින් පියාසර කර ඇතැයි ලෙබනන් අගමැති සාද් හරීරි පවසයි.

ඊශ්‍රායල ඩ්‍රෝන යානා මෙසේ තම රටට අතුළුවීම, ගුවන් සීමාව උල්ලංඝනය කිරීම තම රටේ ස්වෙරීත්වයට බරපතල තර්ජනයක් යැයි ලෙබනන් අගමැතිවරයා පවසයි.

රට තුළ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය කිරීමට ඊශ්‍රායලය ක්‍රියාත්මක වී ඇති බව ද අගමැති හරීරි වැඩිදුරටත් කියා සිටී. හිස්බුල්ලා සංවිධානයේ ප්‍රකාශක මොහොමද් අෆීෆ් ද පවසා ඇත්තේ ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානා දෙකක් හිස්බුල්ලා බලප්‍රදේශයක් ලෙස සැලකෙන මොවාවාද් පළාතට ඉහළින් ගැවසුණු බවය.

හිස්බුල්ලා යනු ඉරානයේ සහාය ලබන ෂියා මුස්ලිම් කණ්ඩායමකි. මෙම කණ්ඩායම දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය ලෙස කොටස් දෙකකි. හිස්බුල්ලා සන්නද්ධ අංශය ඇමෙරිකාව විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරනු ලැබ ඇත.
හිස්බුල්ලා දේශපාලන අංශය ලෙබනන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි. හිස්බුල්ලා සංවිධානයේ සහාය පලස්තීන හමාස් සංවිධානයට හිමිවෙයි. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර විරසකයක් පවතින්නේ එහෙයිනි.

හිස්බුල්ලාසංවිධානය මැදිහත්වී ආයුධ ජාවාරම් කරනවා යැයි ඊශ්‍රායලය චෝදනා කර ඇති නමුත් හිස්බුල්ලා ප්‍රධානී නසරල්ලා එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS