ඊශ්‍රායල ජනාධිපති එමිරේට්ස් සංචාරයකට සැරැසෙයි



ඊශ්‍රායල ජනාපධිති අයිසෙක් හෙරොග් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරයකට සුදානම් වෙයි.

මෙය ඊශ්‍රායල ජනාධිපතිවරයකු එමිරේට්ස් රාජ්‍යයට යන පළමු අවස්ථාවය. ඒ අනුව, අයිසෙක් හෙරොග්ගේ මෙම නිල සංචාරය ඓතිහාසික එකක් වනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඊශ්‍රායලයත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් අතර පසුගිය වසර ගණණ පුරාවට අර්බුද සහ නොහොඳනෝක්කඩු පැවැතිණි. ඒ, පලස්තීනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය කටයුතු කරන ආකාරය පිළිබඳ එමිරේට්ස් රාජ්‍යයේ ප්‍රසාදයක් නොතිබීමය.

කෙසේ නමුත් අද වනවිට ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සබඳතා ශක්තිමත් වී ඇති අතර, ඊශ්‍රායල තානාපති කාර්යාලයක් පවා එමිරේට්ස් රාජ්‍යයේ ස්ථාපිත කර තිබේ.

අයිසෙක් හෙරොග් ලබන 30 සහ 31 දෙදින අබුඩාබි බලා යෑමට නියමිත අතර එම සංචාරයේ දී අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන් හමුවී සාකච්ඡා මිතුදම් ශක්තිමත් කර ගැනීමට ද නියමිතය. මෙම සංචාරයට ඊශ්‍රායල ජනාධිපති ආර්යාව ද එක් වනු ඇතැයි පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS