ඊශ්‍රායල කෙණෙහිලිකම් නැවැත්වීමට උදවු කරන්න - පලස්තීන ජනපති ලෝක නායකයන්ට කියයි





Palestine
පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය විසින් සිදු  කරනු ලබන කෙණෙහිලිකම් නැවැත්වීමටත්, පලස්තීනුවන් වාසය කරන පළාත් ඊශ්‍රායලය විසින් අත්පත් කර ගැනීම නැවැත්වීමටත් 2017 වසර වනවිට අවසන් කිරීමට කටයුතු කරන්නැයි පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටී.
පලස්තීන ජනපතිවරයා මෙසේ ඉල්ලා සිටියේ ඇමෙරිකාව් නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට එක් වෙමිනි.
1967 වසරේ යුද්ධයෙන් පසු, ඊශ්‍රායලය පලස්තීන ප්‍රදේශ අල්ලා ගෙන 2017 වසරට වසර 50 ක් සපිරෙන බවත්, ඒ ගැන සළකා පලස්තීන්වුන්ට එරෙහිව දිගින් දිගටම සිදුවන අසාධාරණකම් නැවැත්වීමට කටයුතු කරන ලෙස ජනාධිපති අබ්බාස් වැඩි දුරටත් කියා සිටියේය. මේ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය තමන් අපේක්ෂා කරන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා මේ වසරේ සිය ධුරයෙන් සමුගනී. ඔහු ජගත් මහ සමුළුව අවසන් වරට ඇමැතූ අවස්ථාවේදී ද සෙසු ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේ ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් සෙවීමට යුහුසුළුවන බවටය.


 


RECOMMEND POSTS