ඊශ්‍රායල අගමැතිවරයා ජෝර්දාන රජු හමුවෙලා



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පෙර දැනුම්දීමකින් තොරව ජෝර්දානයට පැමිණියේය.

ඊශ්‍රායල අගමැතිවරයා මෙසේ ජෝර්දානයේ සංචාරයක් සඳහා පැමිණියේ 2004 වසරෙන් පසුවය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු, දෙවැනි අබ්දුල්ලා රජු හමුවී, ජෝර්දානයේ ආර්ථික සහ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තා වේ.

එම සාකච්ඡාවලින් අනතුරුව ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් පමණක් නොව, කලාපීය අර්බුද සම්බන්ධයෙන් ද අගමැති නෙදන්යාහු ජෝර්දාන රජු සමඟ සාකච්ඡා කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS