ඊශ්‍රායල අගමැතිට බලපෑම්



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුට එරෙහි විරෝධතා රැලියක් එරට ටෙල් අවීව් නුවරදී පැවැත්විණි.

පන්සියයකට වැඩි විරෝධතාකරුවෝ පිරිසක් එම රැලියට එක්වූහ. අගමැතිවරයාට ධුරයෙන් වහා ඉවත්වන්නැයි බලපෑම් එල්ල වී ඇත්තේ ඔහුට දූෂණ චෝදනා එල්ල වී ඇති නිසාය.

එම චෝදනා සම්බන්ධයෙන් අගමැතිවරයාට එරෙහිව විමර්ශන පැවැත්වෙයි. අගමැති බිරිය පවා ප්‍රශ්න කිරීම්වලට ලක්වුණැයි ද වාර්තා වේ.

ඊශ්‍රායල අගමැතිවරයා පවසා ඇත්තේ තමන්ට එරෙහිව එල්ල වන චෝදනා පදනම් විරහිත බවත්, එම චෝදනා මුල්කොට ගනිමින් තමන් ධුරයෙන් ඉවත් නොවන බවත්ය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS