ඊශ්‍රායල අගමැතිට ආණ්ඩුවක් පිහිටුවන්න බෑ



පසුගිය අප්‍රේල් මාසයේ පැවැති මහ මැතිවරණයෙන් පසු රජයක් පිහිටුවීමට අගමැති බෙන්ජමින් නෙදන්යාහුට නොහැකි වූ බැවින්, යළිත් වරක් ඊශ්‍රායලයේ මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කෙරුණි.

ඒ අනුව, යළි මැතිවරණය පැවැත්වෙන්නේ ලබන සැප්තැම්බර් 17 වැනිදාය. අප්‍රේල් මාසයේ පැවැති මැතිවරණයෙන් අගමැති නෙදන්යාහුගේ ලිකුඞ් පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 35 කි. ඊශ්‍රායල පාර්ලිමේන්තුවෙ හෙවත් නෙසෙට් සභාව ආසන 120 කින් සමන්විතය.

බහුතරය නොලැබුනු බැවින්, යළිත් අගමැති ධුරය අපේකෂා කළ නෙදන්යාහු අන්ත දක්ෂිණාංශික පක්ෂ සන්ධානය සමඟ එක්වී රජයක් පිහිටුවීමට සාකච්ඡා පැවැත්වීය. කෙසේ නමුත් පවතින මත ගැටුම් ඊට හරස් වූ බව පැවැසෙයි.

රජයක් පිහිටුවීමට අගමැති නෙදන්යාහුට ලැබී තිබුණු කාලය 29 මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඡන්දයක් පැවැත්විණි. එහිදී 74 දෙනකු ඡන්දය ලබා දුන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටය. විරෝධය දැක්වූයේ 45 ක් පමණි.

ටෙල් අවීව්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS