ඊශ්‍රායල අගමැතිගෙන් පොලිසිය ප්‍රශ්න කරයි



මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඊශ්‍රායල පොලිසිය එරට අගමැති බෙන්ජමින් නෙදන්හායුගෙන් ප්‍රශ්න කළ බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

අපරාධ විමර්ශන අංශ නිලධාරීන් අගමැති නෙදන්යාහු හමුවූයේ ඔහුගේ නිල නිවසේදීය. අගමැති නෙදන්යාහුට චෝදනා එල්ල වී ඇත්තේ ව්‍යාපාරිකයන්ගෙන් ‘දීමනා’ ලබා ගෙන ඇති බවටය.

අගමැති නෙදන්යාහු පවසා ඇත්තේ තමන් කිසිදු අකටයුතුකමකට සම්බන්ධ වී නැති බවය. නීති නිලධාරීන් විසින් සිදුකරන පරීක්ෂණ කටයුතුවලට තම පූර්ණ සහාය හිමිවන බව ද අගමැති නෙදන්යාහු වැඩි දුරටත් පවසා ඇතැයි ඊශ්‍රයල පුවත් සේවා වාර්තා කර ඇත.

 

(රොයිටර්)


RECOMMEND POSTS