ඊශ්‍රායල අගමැති සතුටින්



ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම යැයි පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණය ඉතා ප්‍රසංශනීය බවත් එය ඓතිහාසික තීරණයක් බවත් ඒ ගැන සතුටට පත්ව සිටින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කියයි.

‘අපේ සිහිනය වුණෙත් අපේ බලාපොරොත්තුව වන්නේත් ජෙරුසිලමයි. දහක ගණනාවක් අපි කළ යාච්ඤාවලට අද අපට පිළිතුරක් ලැබී තිබෙනවා. ඇත්තටම ඒ ගැන සතුටුයි’ යැයි අගමැති බෙන්ජමින් නෙදන්යාහු විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබේ.

(බී.බී.සී.)


RECOMMEND POSTS