ඊශ්‍රායල අගමැති රහසේ ම සෞදියට?



ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හොර රහසේ සෞදියට ගොස් සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු හමුවී ඇතැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

කෙසේ නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හෝ ඊශ්‍රායල රජයේ නියෝජිතයකු හෝ සෞදි අරාබියට නොපැමිණි බව සෞදි විදේශ ඇමැති ෆයිසාල් බින් ෆර්හාන් අල් සෞද් කුමරු අවධාරණය කර තිබේ. සෞදි විදේශ ඇමැතිවරයා මොස් අවධාරණය කළේ ට්විටර් පණිවුඩයකිනි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමන් සෞදියට නොගිය බවය. හමුව සිදුවුණැයි පැවැසෙන අවස්ථාවේදී, අග්‍රාමාත්‍යවරයා සිය පෞද්ගලික ගුවන් යානයේ නැගී රතු මුහුද අසල නියොම් නගරයේ සංචාරයකට ගිය බව ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

සෞදිය සහ ඊශ්‍රායලය පස මිතුරු රාජ්‍යයන්ය. පලස්තීන මුස්ලිම් වැසියන්ට ඊශ්‍රායලයෙන් එල්ල වන කෙණෙහිලිකම් ඊට හේතුව වී තිබේ. කෙසේ නමුත්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැදිහත් වී, සෞදියත්, ඊශ්‍රායලයත් අතරේ යහපත් සබඳතා ඇති කිරීමට උත්සාහ ගත්තේය. ඒ අනුව, සෞදිය ඊශ්‍රායලය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පැවැසෙයි.

රියාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS