ඊශ්‍රායල අගමැති මොස්කව් අගනුවර



ද්වී පාර්වීය සබඳතා තරකර ගැනීමේ අරමුණින්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු රුසියාවේ මොස්කව් නුවරට පැමිණියේය.

ඊශ්‍රායල අගමැතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය. සිරියානු අර්බුදය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින්, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කිරීමත් සමඟ හටගත් අර්බුදයෙන් පසු, ඊශ්‍රායල අගමැතිවරයා රුසියන් ජනපති පුටින් හමුවන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

ට්‍රම්ප් ගත් එම තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඡන්දය විමසූ අවස්ථාවේදී, රුසියාව ඊට විරෝධය පළ කරමින් ඡන්දය දුන් රටකි. එම අර්බුදය සම්බන්ධයෙන් ද නෙදන්යාහු සහ පුටින් අතරේ සාකච්ඡා පැවැත්විණි.

ඊට අමතරව, කලාපීය ආරක්ෂක කටයුතු, ආර්ථික කටයුතු පසහ සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වූ බවත් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම සිදුවුණු බවත් රුසියානු පුවත් සේවා වාර්තා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS