ඊශ්‍රායල අගමැති නෙදන්යාහු රුසියාවේ



ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණයට ඔන්න මෙන්න තිබියදී, ඊශ්‍රායල අගමැති නෙදන්යාහු රුසියාවේ සංචාරයකට ගොස් සිටී.

අගමැති නෙදන්යාහු උණුසුම් අයුරින් පිළිගැනීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය.
දෙදෙනා අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා පැවැත්විණි. සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ද නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය.

ඇමෙරිකාවේ මැදපෙරදිග හිතවතා වන ඊශ්‍රායලය සිරියානු අර්බුදයේ දී සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනයට විරෝධය දක්වයි. ඊශ්‍රායලය බලහත්කාරයෙන් සිරියාවට අයත් ගෝලාන් කඳුකරය අල්ලා ගෙන සිටින අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ ගෝලාන් කඳුකරය සිරියාවේ කොටසක් ලෙස තමන් පිළිගන්නා බවය. මෙය මහත් ආන්දෝලනයක් ඇති කිරීමට හේතුවක් වී තිබේ.

ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණය තව දින පහකින් පැවැත්වෙයි. නෙදන්යාහු යළි අගමැති ධුරය අපේක්ෂා කරන්නේ පස්වැනි වරටය.

මැතිවරණයට සමගාමීව අගමැති නෙදන්යාහු මීට සතියකට පෙර ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් හමුවී හොඳහිත තර කර ගත්තාය. එපමණක් නොව, ඊශ්‍රායලයේ මිත්‍ර රටක් වන බ්‍රසීලයේ ජනාධිපති ජාර් බොල්සරානෝ ද හමුවිය.

(අල් ජසීරා)


RECOMMEND POSTS