ඊශ්‍රායල අගමැති නෙදන්යාහු නිරෝධායනයේ



ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද දින 14 කාලයක් සඳහා නිරෝධායනය වී සිටින බව වාර්තා වේ.

ඊට හේතුව වී ඇත්තේ අගමැතිවරයාගේ සහායිකාවක කොරෝනා ආසාදිතයකු බව හඳුනා ගැනීම නිසාය. එම සහායිකාව, පසුගිය දිනවල මෙම තැනැත්තිය අගමැතිවරයා හමුවට පැමිණියේ නැතැයි අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එසේ වුවත්, වෛද්‍ය උපදෙස් මත, අගමැතිවරයා කොරෝනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවත් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට යෙමු ඛල බවත් අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ටෙල් අවීව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS