ඊශ්‍රායල අගමැති ඊජිප්තුවේ සංචාරයක



ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්, ඊජිප්තුවේ නිල සංචාරයක් ආරම්භ කළේය. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයකු ඊජිප්තුවට පැමිණියේ වසර 10 කට පසුව වීම විශේෂත්වයකි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගැනීමට ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී කටයුතු කළේය. ඉන්පසු දෙරට අතර ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. රාජ්‍ය නායකයන් දෙදෙනාගේ හමුව පැවැත් වූයේ ඊජිප්තුවේ රතු මුහුද අසල පිහිටි ෂරාම් රල් ෂෙයික් නගරයේදීය.

අන්ත දක්ෂිණාංශික යමීනා පක්ෂයේ නායකයා වන බෙනට් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ පසුගිය ජූනි මාසයේදීය. බෙනට් සහ ෆාටා අල් සීසී අතර ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූයේ පලස්තීන අර්බුදයයි.

ඊශ්‍රායලයත් ඊජිප්තුවත් අතරේ පසුගිය කාලයේ මත ගැටුම් පැවැතියේ ද පලස්තීනුවන් මුල්කොට ගනිමිනි. ඒ අනුව, දෙරට අතර ඇයිහොඳයිකම් පළුදු වී ගියේය. පලස්තීන පාලන ප්‍රදේශවලට ආධාර ලබා දීම සහ ජාත්‍යන්තර සහාය ලබා දීම සිදුවන්නේ ඊජිප්තුවේ මැදිහත් වීමෙනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS