ඊශ්‍රායල අගමැති, ට්‍රම්ප් හමුවෙයි



ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේදී පැවැත්විණි. 

ඊශ්‍රායල අගමැතිවරයා ධවල මන්දිරයට පැමිණියේ ට්‍රම්ප් කළ විශේෂ ආරාධනාවකට අනුවය.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ නෙදන්යාහු අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණු අතර, ඊශ්‍රායලයට ‘විශේෂයක්’ කරමින්, ඊශ්‍රායලයට වැඩි වාසි වන අයුරින් සහාය පළ කරන බව ජනපති ට්‍රම්ප් එම අවස්ථාවේදී කියා සිටියේය.

ඊශ්‍රායල පලස්තින අර්බුදයට ‘පැහැදිලි’ විසඳුමක් අවශ්‍ය බව රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡාවට ලක් විය. ඊශ්‍රායලය පලස්තීන පාලන අධිකාරියට අයත් භූමි ප්‍රදේශවල නීතිවිරෝධී අයුරින් ජනාවාස ඉදිකිරීම ටික කලකට නවත්වන්නැයි ට්‍රම්ප් ඊශ්‍රායල අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි අතර, අගමැතිවරයා ඊට කැමැත්ත පළ කළේය.

සාකච්ඡාවලින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නෙදන්යාහු කියා සිටියේ, මීට පෙර ඇමෙරිකන් ජනපතිවරයකු ඊශ්‍රායලයට සහ ඊශ්‍රායල වැසියන්ට මෙතරම් සහාය දක්වන බව පවසා නැති බවය.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS