ඊශ්‍රායල අගමැති ගෙන් යළිත් පොලිස් ප්‍රශ්ණ කිරීම් !



දුෂණ චෝදනා සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඊයේ දිනයේ නැවත ප්‍රශ්න කර තිබෙනවා.

ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයේ පියවරක් ලෙසයි මෙලෙස ප්‍රශ්න කෙරුණේ. එරට පොලීසිය විසින් ජෙරුසලමේ පිහිටි අගමැතිවරයාගේ නිවසේදී පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.

ව්‍යාපාරිකයින්ගෙන් ඉතා අධික වටිනාකමකින් යුතු ත්‍යාග භාරගත් බව ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.මේ සම්බන්ධයෙන් ඉකුත් 3 වැනිදාත් ඊශ්‍රායල් අගමැතිවරයා ගෙන් ප්‍රශ්න කෙරිණි.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් නෙතන්යාහු කියා සිටියේ තමා අතින් එවැනි වරදක් සිදුවී නැති බවයි. තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන්ද ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එම කරුණු මොනවාද යන්න පිළිබඳව මෙතෙක් හෙළි කර නැහැ.

 

( තිළිණි ද සිල්වා )
අල්ජසීරා ඇසුරෙනි....

 

ඊශ්‍රායල අගමැතිගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

 


RECOMMEND POSTS