ඊශ්‍රයලයේ නව මහ බැංකු අධිපතිවරයා



ඊශ්‍රයලයේ නව මහ බැංකු අධිපතිවරයා ලෙස මහාචාරය අමීර් යාරෝන් පත් කර ඇත. යාරෝන් ඇමෙරිකා එක්සත් ජනපද මූල්‍ය පිළිබඳ මහාචාර්යවරයෙකි.

මූල්‍ය ප්‍රතිපත්ති සාමාන්‍ය තත්ත්වය ගෙන ඒම තමන් හමුවේ තිබෙන පළමු අභියෝගය යැයි යාරෝන් පැවැසීය.

යාරෝන් දශක දෙකකට ආසන්න කාලයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වීමෙන් අනතුරුව මෙලෙස ඊශ්‍රායලයේ මහ බැංකු අධිපති තනතුරට පත් කර ඇත. ඇමෙරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් යාරෝන් තම ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය ලබාගෙන ඇති අතර ආර්ථික වර්ධනය, පලදායීතාව සහ අයවැය ප්‍රතිපත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් ඒවා අනෙක් ප්‍රධාන සහ වැදගත් අභියෝග බවත් කීවේය. යාරෝන් ඊශ්‍රායල-ඇමෙරිකා පුරවැසියෙකි.

කානිට් ෆ්ලග් යාරෝන්ට පෙර ඊශ්‍රායල මහ බැංක-ුවේ අධිපති ධුරය හෙබ වූ පසුගිය මාසයේදී ඔහුගේ ධුර කාලය අවසන් විය. නියෝජ්‍ය අධිපතිනි නඩීන් බවුඩොට් ට්‍රයිටන්බර්ග් නොවැම්බර් මාසයේ සිට වැඩබලන මහ අධිපති ධුරය හෙබවූවාය.

“මගේ දැක්ම අනුව මූල්‍ය ප්‍රතිපත්තිය කළමනාකරණය කිරීමේ වඩාත් වැදගත් සහ පලදායී ආයුදය වන්නේ පොළී අනුපාත” යැයි මහ බැංකු අධිපති ධුරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව යාරෝන් කීය.

“ඊශ්‍රායලයේ ආර්ථික සහ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි, ඒ වගේම ඕනෑම දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙන්න තරම් ශක්තිමත්. එහෙත් වෙළෙඳපොළ ද්‍රවශීලතාව සහ පසුගිය මාස කිහිපයේදී සිදු වූ පසුබැසීම නිසා වර්තාමනයේ පවතින ව්‍යාපාරික චක්‍රය වෙනස් වෙන්න පුළුවන්. ලෝක වෙළෙඳාමේ තිබෙන ඍණාත්මක බලපෑම ද අපට බලපාන්න පුළුවන්. ඒ නිසා වගකීම් සහගත අයුරින් අයවැය සහ මූල්‍ය පාලනයක් ගෙන යා යුතු” යැයි ද ඔහු කීවේය.

(රොයිටර්ස්)
හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS