ඊජීප්තුවේ සටන්කාමීන් 40 ක් මරුට



ඊජිපත්තු පොලීසිය ගීසා සහ උතුරු සිනායි ප්‍රදේශවල සිදුකළ මෙහෙයුම්වලින් සටන්කාමීන් හතළිස් දෙනෙකු ඝාතනය කර තිබේ.

එරට අභ්‍යන්තර අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සටන්කාමීන් සංචාරක ප්‍රදේශ පල්ලි සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු බවයි.

පසුගිය සිකුරාදා ගීසා ප්‍රදේශයේ දී සංචාරක බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ඝාතනයට ලක් කර තිබුණි.

ඊජිප්තුවට සංචාරකයින් බහුලව පැමිණෙන මෙම කාලය තුළ ආරක්ෂාව ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි.

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS