ඊජිප්තුවේ සිංහ ධජය ලෙළදෙයි



මෙරට හැත්තෑවෙනි නිදහස් සමරුම වෙනුවෙන් ඊජිප්තුවේ කයිරෝ අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් ඉකුත් දා අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්විණි.

ඊජිප්තුවේ විවිධ වෘත්තීයන් හි නිරත ලාංකීය ප්‍රජාව, කයිරෝ පරිපාලන බලධාරීන්, රාජ්‍ය පරිපාලන නිලධාරීන්, කයිරෝවේ සිටින රටවල් 50 ක රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ඩුබායි ව්‍යවසායකින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම නිදහස් සැමරුම් උත්සව මාලාවේ පළමු වැන්න ලෙස සැලකෙන ශ්‍රී ලාංකික සංස්කෘතික ප්‍රසංගය ඉකුත් 03 වැනිදා කයිරෝ ඔපෙරා හවුස්හිදී පැවැත්විණි.

ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ඩුබායි හි වෙසෙන ලාංකීය ප්‍රජාව අතුරින් සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් යන ජාතීන් නියෝජනය කරන ලාංකීයන් සිව්දෙනෙකු විසින් සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වමින් මෙම සැමරුම් උත්සවය ආරම්භ කිරීම විශේෂත්වයකි.

ජාතික ධජය ඔසවා නිදහස් උත්සවය සැමැරීම ඉකුත් 04 වැනිදා පෙරවරැවේ කයිරෝ නුවර  ෂෙරටන් හෝටලයේදී පැවැත්වුණු හෙයින් මෙම විශේෂ උත්සවයේ දී  දේශීය අභිමානය විදහා දක්වමින් ශ්‍රී ලංකා යුද හමුදා නර්තන කණ්ඩායමේ නර්තනාංග ද, පැමිණි අමුත්තන් අත්විදින්ට ලංකා තානාපති කාර්යාලය පියවර ගනු ලැබුණි.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන්ගේ නිදහස් දින පණිවුඩ ද කියැවිණි. තවද මෙහිදී රට දැය වෙනුවෙන් දිවි පිදූ සියලු විරුවන් වෙනුවෙන් විනාඩි පහක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි.


RECOMMEND POSTS