ඊජිප්තුවේ විරෝධතා: අයෙක් මරුට



විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයට ලක්වීමෙන් හානියට පත්වුණු ගොඩනැගිල්ලක්

ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසීට ධුරයෙන් ඉවත් වෙන්නැයි බලකරමින් දින 6 ක් තිස්සේ නොකඩවා විරෝධතා පැවැත්වෙයි.

විරෝධතාකරුවන් සහ කැරැලි මර්දන පොලිසිය අතර හටගත් ගැටුම්වලින් එක් විරෝධතාකරුවකු මියගොස් ඇතැයි පැවැසෙයි.

කයිරෝ අගනුවර පමණක් නොව, ඊජිප්තුවේ සෙසු ප්‍රධාන නගරවලත් කුඩා නගරවලත් විරෝධතා පැවැත්වෙයි. පොලිසියේ අණ නොතකා දහස් ගණනක් විරෝධතාකරුවෝ විරෝධතා රැලිවලට එක් වී සිටින බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS