ඊජිප්තුවේ පල්ලියකට ප්‍රහාරයක්



සිකුරාදා දේවමෙහෙය දා උතුරු ඊජිප්තුවේ සිනායි පළාතේ මුස්ලිම් පල්ලියට එල්ල වුණු වෙඩි තැබීම්වලින් සහ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන මේ වනවිට 230 ඉක්මවා ඇතැයි ඊජිප්තු පුවත් සේවා වාර්තා කරයි.

ප්‍රහාරය එල්ල වූයේ බීර් අල් අබෙද් නගරයේ අල් රවුදා නගරයටය. මෙය අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ කුරිරු ප්‍රහාරයක් බවට සැක කෙරේ. තුවාල ලැබූ ගණන 100 කට වැඩිය.

2013 වසරෙන් පසු, ඊජිප්තුවේ සිදුවුණු දරුණුතම ප්‍රහාරය මෙය බවත් ආරක්ෂක අංශ පවසයි. ප්‍රහාරයට වගකිවයුතු පාර්ශ්වයට එරෙහිව දැඩි ලෙස දඬුවම් කරන බව ඊජිප්තු ජනාධිපති අල් සීසී ප්‍රතිඥා දී තිබේ. කෙසේ නමුත් තවමත් කිසිදු පාර්ශ්වයක් ප්‍රහාරයේ වගකීම බාර ගෙන නැත.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS