ඊජිප්තුවේ නව ශ්‍රී ලංකා තානාපති



ඊජිප්තුවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස රේණුකා දමයන්ති රාජපක්ෂ මහත්මිය ඉකුත් දා (2) කයිරෝ අගනුවර ජනාධිපති මන්දිරයේදී ඊජිප්තුවේ ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසි මහතාට අක්තපත්‍ර බාර දුන්නාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් වෙනුවෙන් රේණුකා දමයන්ති රාජපක්ෂ මහත්මිය ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසි මහතාට සුබ පැතුම් එක් කළාය.

තානාපති රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ඊජිප්තු ජනාධිපතිවරයාට ශුභාශිංසන එක් කළ අතර ඊජිප්තු ජනතාවට සාමය, සතුට හා සෞභාග්‍යය ප්‍රාර්ථනා කළාය.

මෙහිදි ඊජිප්තු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට සුබ පැතුම් එක් කළාය.

අක්තපත්‍ර බාර දීමේ උත්සවයට ඊජිප්තුවේ විදේශ කටයුතු අමාත්‍ය සමේ ෂුක්රි මහතාද එක්විය.

දෙරටේ ද්විපාර්ශ්වීය සබඳතා සහ සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අවස්ථා සම්බන්ධයෙන් තානාපතිනිය මෙහිදි කරුණු සඳහන් කළ අතර දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ අතර පළමු වටයේ දේශපාලන සාකච්ඡා දෙසැම්බර් 12 වැනිදා පැවැත්වන බව ද කීවාය.

පේරාදේණිය විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය ලබාගත් රාජපක්ෂ මහත්මිය 1994 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයට එක්වූවාය. ඇය ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ද කටයුතු කර ඇත. ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත්වීම් ලැබීමට පෙර රාජපක්ෂ මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු, අග්නිදිග ආසියානු සහ ශාන්තිකර යන අංශවල අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු හෙබවූවාය.


RECOMMEND POSTS